2026-07-08
mediahumanrights.lk
Local NewsNews

අල්ලස පිටුදකින්න CIABOC ජනගත වේ

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව නිල වෙබ් අඩවිය www.ciaboc.gov.lk ලෙසින් ඊයේ (20දා) ජනගත කරන ලදි.
මෙතෙක් ශ‍්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ වෙබ් අඩවි තුල දක්නට නොලැබුනු විවිධ අංග රැසක් මෙහි ඇතුලත් වන අතර ඒ අනුව මුලික වශයෙන් වර්ණ අන්ධතාවයෙන් පෙලෙන පුද්ගලයන්ට සහ දෘශ්‍යාබාධ වලින් පෙලෙන පුද්ගලයන්ට සිය අවශ්‍යතාවය අනුව සාමාන්‍ය පුද්ගලයෙක් මෙන් තොරතුරු ග‍්‍රහනය කර ගැනීමේ අවස්ථාව ද සලසා දී ඇත.
එසේම මහජනතාවට විවිධ ක‍්‍රම 8 ක් ඔස්සේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමු කිරීමේ හැකියාව ඇත.
එමෙන්ම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් කරන ලද වැටලීම් සම්බන්ධවද , අධිකරණයේ දෛනික කැදවන සහ විභාග වන නඩු කටයුතු පිළිබදවද අධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නඩු තින්දු සහ නිවාරණ වැඩ සටහන් පිළිබදවද සමස්ත තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
තවද අන්තර් ජාතික සබදතා පුහුණු වැඩමුළු පිළිබදව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද තිබේ. මෙම වෙබ් අඩවිය තුළ කුඩා දරුවන් යොවුන් පරපුර සහ වැඩිහිටි පිරිස කේන්ද්‍ර කරගනිමින් විශේෂිත කවුළු ත්‍රිත්වයක් ද දක්නට ලැබේ.
එමෙන්ම වෙබ් අඩවියේ මුල් පිටුවේ ප‍්‍රදර්ශිත කවුළු ඔස්සේ අල්ලස් කොමිෂන් සභාවේ සිදුවු නවතම සිදුවීම් නිරීක්ෂණය කිරීමට අවකාශයන්ද සලසා ඇත.
මෙම අවස්ථාව සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසුරිය, ගරු කොමසාරිස් අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ලාල් රංජිත් ද සිල්වා, ගරු කොමසාරිස් නෙවිල් ගුරුගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේද, සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
විද්‍යූත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ක්ෂණික ඇමතුම් : 1954 , 0112596360
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj

ශ්‍රී ලංකාවේ පැවැත්ම තීරණය වන්නේ චීනය මතයි: ‘එකට ගැටුම’ කෘතිය දොරට වඩිමින් පාඨලී චම්පික රණවක පවසයි

Shiran Viraj

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

Shiran Viraj
Translate »