mediahumanrights.lk
Local NewsNews

GMOA වර්ජනය අත්හිටුවයි..

රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.

“අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා.

වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව පැවැති 1/80 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත් නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්න අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා.”

Related posts

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි

Shiran Viraj

පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි

Shiran Viraj

රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..

Shiran Viraj
Translate »