mediahumanrights.lk
Local News News

සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිට

ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු 08.50 ට එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වන අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.30 ට එම දුම්රිය යළිත් කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර, නඩත්තු කටයුතු හේතුවෙන් අද සහ හෙට කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසනවා. කැළණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වලට අමතරව ඒ ආශ‍්‍රිතව ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් දුම්රිය මාර්ගය අදාළ කාලසීමාවේදී වසා තැබෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ලබන සඳුදා සිට එම මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වන බවද  අතිරේක දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..

Shiran Viraj

සුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ…

Shiran Viraj

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

Shiran Viraj