32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක්‌ ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක්‌ පමණක්‌ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසම විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියයට සියයක්‌ම වගකීමෙන් නිදහස්‌ කර තිබියදීත් මෙලෙස විශ්වාස භංගයක්‌ ගෙන එන්නේ නම් ඒ මොළය කොලොප්පන් වූ පිරිසක්‌ කරන කටයුත්තක්‌ ලෙස සලකන බවද හෙතෙම කීය.
ජනාධිපති කොමිසමෙන් අගමැතිවරයා නිදහස්‌ කිරීම විපක්‍ෂයේ අයට දරාගැනීමට නොහැකි නිසා මෙලෙස විශ්වාස භංග ගෙන එන බව ඔවුන් පවසන බවත් මීට පෙරත් ආණ්‌ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාස භංගවලට වූයේ කුමක්‌ දැයි කියා සොයා බලන ලෙස ඔවුන්ට මතක්‌ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු මුදල් ඇමැතිවරයා පමණක්‌ බිල්ලට දී ගැලවෙන්න දෙන්න බැහැ – විමල්
ඇමතිවරයා එබව සඳහන් කලේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාස භංග යෝජනාවක්‌ ගෙනඒමට බලාපොරොත්තු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
බොරැල්ල ආචාර්ය, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (5දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් ලබන ඉරිදා දිනයේ රැස්‌ව ඒ පිළිබඳව තීරණයක්‌ ගන්නා බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
බැඳුම්කර හොරකම සුළුකොට තැකිය නොහැකි මුළු මහත් ජනජීවිතයට බලපාන ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම හොරකම බවත් රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා පමණක්‌ බිල්ලට දී එයින් ගැලවිය නොහැකි බවත් ඔහු පැවසීය.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු මෙයට සම්බන්ධ අමාත්‍යවරුන්ට සිය ධූර දැරීමට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් ඒ නිසා අගමැති ප්‍රමුඛ එම ඇමැතිවරුන් ඉල්ලා අස්‌විය යුතු බවත් නැතහොත් ජනාධිපතිවරයා විසින් ඔවුන් එම ධූරවලින් ඉවත් කළ යුතු බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්

Shiran Viraj

ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..

Shiran Viraj

ගූගල් සමාගමට ලොකු දඩයක්

Shiran Viraj
Translate »