27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

මෙවර කන්නයේ වී අස්වැන්නේ වී මෙට්‍රික් ටොන් පනස් පහක් මේ වන විට මිලදී ගෙන තිබෙන බවත්, එම වී තොගය සහල් බවට පත්කර ජනතාවට අලෙවි කරන බවත් වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේදී සියයට දාහතරේ වියළි තත්ත්වය සලකා බලන බවත්, පසුගිය කාලයේදී පැවැති වැසි තත්ත්වය නිසා ගොවීන්ට මෙම ප්‍රමිති තත්ත්වයෙන් වී ලබා දීමට නොහැකි වූ බවද එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

ඉදිරියේදී තෙත වී ලබා ගෙන අදාළ වියළි තත්ත්වයට පත් කළ හැකි තාක්ෂණය වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.

මෙවර කන්නයේ වී අස්වැන්නෙන් සියයට අසූවක් පමණ නෙළා අවසන් වී තිබෙන බවත්, මෙවර කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි හයසියයක මුදලක් වෙන්කර තිබූ බවද සඳහන් කළේය.

මේ අනුව මෙවර කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු ඉතුරු වන මුදල් නැවත මහා භාණ්ඩාගාරයට යන බවත්, ඉදිරි කන්නයේදී එම මුදල් යොදාගෙන වී මිලදී ගැනීමට හැකියාවක් තිබෙන බවද පැවසීය.

පසුගිය කාලයේදී වී අලෙවි මණ්ඩලය සතු ගබඩා අබලන් තත්ත්වයට පත්ව තිබූ නිසා මෙවර එය යථා තත්ත්වයට පත්කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බවද සඳහන් කළේය.

පුද්ගලික අංශයේ වෙළෙදුන් තෙත වී ලබා ගත් නිසා මෙවර කන්නයේදී ගොවීන්ට වී අලෙවි කර ගැනීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවූ බවද පැවසීය.

Related posts

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Shiran Viraj

මදුරු දෂ්ඨනයෙන් දරුවන් රැක ගන්න විශේෂ උපදෙස්

Shiran Viraj

සහන කාලය අවසන් – ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිට

Shiran Viraj
Translate »