25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතට

අනුරාධපුර තිරප්පනෙයි ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.
මේ අතර මාතර දිස්ත්‍රිකයේ වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.
තවද දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා හේමකුමාර නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ හා පොලොන්නරුව දිස්ත්‍රිකයේ වැලිකන්ද  ප්‍රාදේශීය සභාව සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් ජනසෙත පෙරමුණේ නාමයෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී තිබේ.
දෙවන වටයේ නාම යෝජනා බාර ගැනීම අද දහවල් 12.00 අවසන් වූ අතර විරෝධතා ගොනු කිරිම සඳහා පැය දෙකක කාලයක් ලබාදී තිබිණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

උතුරේ කොටි සැමරුම්…

Shiran Viraj

ගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj
Translate »