28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

වවුනියාව – අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (18) සවස අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.
අදාළ නිවසේ හිමිකරු බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක මෙම අත්බෝම්බය හමු වී තිබෙනවා.
අත්බෝම්බය ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය කොට තිබී ඇති අතර, ගෙවත්ත පිරිසිදු කළ පිරිස බෝම්බය සහිත අදාළ ආවරණය දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඉන් පසුව මඩුකන්ද පොලිසිය විසින් අත්අබෝම්බය ලබා ගෙන ඇති අතර බෝම්බය අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..

Shiran Viraj

කටාරය බෑ කියන ගල්ෆ් රටවලින් ආ කොන්දේසි මෙන්න

Shiran Viraj

සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි

Shiran Viraj
Translate »