mediahumanrights.lk
Local News News

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද ෆොන්සේකා පාර, අංක 19 ලිපිනයේ පිහිටි හොටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
එහිදී මෙහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අළුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

සර්වජන ඡන්ද බලය සුරක්ෂිත දේශයක් ගොඩනැගිය යුතුයි

Shiran Viraj