mediahumanrights.lk
Local News News

බම්බලපිටියේ ගණිකා නිවසක් වටලයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අළුත්කඩේ අංක 03 අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ (22) රාත්‍රි කාලයේදි බම්බලපිටිය – ද ෆොන්සේකා පාර, අංක 19 ලිපිනයේ පිහිටි හොටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.
එහිදී මෙහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අළුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

Shiran Viraj

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Shiran Viraj