30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේ

ශ්‍රී ලංකා රේගුවට අර්තාපල් ගෙන්වන බව පවසමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ මෙරට භාවිත කිරීම තහනම් කර ඇති ග්ලයිෆොසේට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආර්ටීසී බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ග්ලයිෆොසේට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 33කි.
‍ජාඇළ මාකේවිට කාර්යාලයක ලිපිනයක් සටහන් කරමින් නැ‍ඟෙනහිර පළාතේ පදිංචිකරුවකු විසින් මේ ග්ලයි‍‍ෆොසේට් තොගය ගෙන්වා ඇති බව විමර්ශන අනාවරණය කර ඇත.
පහසුකම් සැපයීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් අර්තාපල් කන්ටේනරයේ පිටිපසට වන්නට මේ ග්ලයි‍‍ෆොසේට් කිලෝ 625ක් වූ තොගය සඟවා එවා ඇති අතර රේගු නිලධාරීන් විසින් සූක්ෂම ලෙස දෙවැනි වර පරීක්ෂා කිරීමේ දී මෙය ‍සොය ගැනීමට හැකිව ඇත.
‍මෙරටට ගෙන්වීමට තහනම් කර තිබෙන මේ දිනවල අධික මිලක් නියමව ඇති රුපියල් ලක්ෂ 18ක් පමණ වටිනා අමුමිරිස් කිලෝ 1806ක් ද මේ කන්ටේනරයේ තිබී සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කර ඇති වකුගඩු රෝගයට තුඩු දෙන ග්ලයි‍‍ෆොසේට් තොගය විනාශ කිරීමෙන් මෙහි පසට හානියක් සිදුවන බවත් එම ග්ලයි‍‍ෆොසේට් තොගය නැවත හරවා යැවීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ එච්‍. එම්. එස්. ප්‍රේමරත්න මහතා කියා සිටියේය. ගෙන්වන ලද අරතාපල් ග්ලයි‍‍ෆොසේට් සමග තැන්පත් කර ඇති බවත් ඉන් අර්තාපල්වලට හානියක් සිදුව ඇද්දැයි ආහාර පරීක්ෂකවරයාට යොමු කරන බවත් කී ඒ මහතා හානියක් සිදුව නැත්නම් එම අරතාපල් තොගය නිකුත් කරන බව ද කියා සිටියේය. මේ වන විටත් වාප්පු ලිපිකරු රේගු භාරයේ සිටින බවත් කී රේගු අධ්‍යක්ෂවරයා සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද රේගුවට ඉදිරිපත් වීමට නියමිත බවත් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ කණ්ඩායමක් විසින් විමර්ශනයක් සිදු කරන බවත් වැඩි දුරටත් කියා සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ප්‍රේමසිරි, රේගු අධිකාරි චන්දන ධර්මප්‍රිය, නියෝජ්‍ය අධිකාරි රන්ජිත් කුමාරසිංහ යන නිලධාරීන් විමර්ශනයට එක් විය.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

Related posts

අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…

Shiran Viraj

උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

Shiran Viraj

ලියනෝල් මෙසීට අත්හිටවූ සිර දඬුවමක්

Shiran Viraj
Translate »