mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් 50% කට වැඩි ආයතන සංඛ්‍යාවක් යහපත් මට්ටමක නොවන බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා එම වාර්තාව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.
එම වාර්තාවේ රාජ්‍ය ආයතන 840කට අධික සංඛ්‍යාවක තොරතුරු ඇතුළත් ය.
විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසුවේ, ඉදිරියේදී අයහපත් මට්ටමක පවතින ආයතන කාරක සභාවට කැඳවීමට තීරණය කර ඇති බව ය.
අයහපත් මට්ටමක පවතින ආයතනවල අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ක්‍රමවේද සැලසුම් කරමින් ඇතැයි ද විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..

Shiran Viraj
Translate »