26.1 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

ස්පා ඒකක් වටලයි – ආයුර්වේද බලපත‍්‍ර නැතිව සම්භාහනය කරලා

අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් පෙරේදා (10) පස්වරුවේ වටලා තබේ.

ඒ අනුුව  ඒහි සිටි  කළමනාකාරිනිය හා කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල හා සැරයන් චන්දන යන නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත.

එම කළමනාකාරිනිය දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් වන බව වාර්තා වෙයි.

මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුවේ.

noizetv

Related posts

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

Shiran Viraj

From Andes to Amazon: trekking through the Bolivian jungle

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..

Shiran Viraj
Translate »