mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රිමාන්ඩ්

දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවේදි තුවාල ලැබූ සැකකරුවෙකු ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
ඒ අද සැකකරු ප්‍රතිකාර ලබන ගම්පහ රෝහලට ගොස් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
පෙරේදා දහවල් සිදුවූ එම වෙඩි හුවමාරුවෙන් පසු සැකකරු පළාගොස් පසුව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී තිබිණ.
අනතුරුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට මාරු කර යැවිණ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රන්දීර් රුද්‍රිගූ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

වැසිකිළියට ගිය කාන්තාව දෙසට එබිකම් කළ නරුමයෙක් නිසා ගමේ තරුණයෙකුට වන්දි ගෙවන්න වෙලා

Shiran Viraj

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj

රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

Shiran Viraj
Translate »