2026-09-07
mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටියේ වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු රිමාන්ඩ්

දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවේදි තුවාල ලැබූ සැකකරුවෙකු ලබන 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
ඒ අද සැකකරු ප්‍රතිකාර ලබන ගම්පහ රෝහලට ගොස් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
පෙරේදා දහවල් සිදුවූ එම වෙඩි හුවමාරුවෙන් පසු සැකකරු පළාගොස් පසුව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී තිබිණ.
අනතුරුව ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට මාරු කර යැවිණ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රන්දීර් රුද්‍රිගූ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසම

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Shiran Viraj
Translate »