26.1 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

කාර්යාල වේලාවේ වෙනසක්

කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් වශයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්වල කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම නියමු ව්‍යාපෘතිය අද (18) සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව සඳහන්.
අද (18) සිට මාස තුනක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය මත නම්‍යශීලි කාර්යාලය වේලාවක් හඳුන්වාදීම සිදුවනවා.
ඒ අනුව පෙරවරු 7.30 සහ පස්වරු 5.00 අතර කාලය තුළ මෝටර්  රථ රියදුරන් පැය 09ක සේවා කාලයක් ද, කණිෂ්ඨ නිලධරයන් පැය 08 විනාඩි 45ක කාලයක් ද, අනෙකුත් නිලධරයන් පැය 07 විනාඩි 45ක සේවා කාලයක් ද දිනකට සේවය කළ යුතු වනවා.
මහජනතාවට සේවය සැපයීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පෙරවරු 9.15 සිට පස්වරු 3.15දක්වා රාජකාරියේ යෙදී සිටිම ද අනිවාර්ය කර තිබෙන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

අටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj
Translate »