2026-08-04
mediahumanrights.lk
Local NewsNews

අත්අඩංගුවට ගන්න එපා – ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්   ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Shiran Viraj

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

Shiran Viraj

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Shiran Viraj
Translate »