28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලු

රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීමේදී අදාළ වන පරිදි පළාත් පාලන මැතිවරණ පනතට ගෙනආ සංශෝධනය සාධනීය එකක් බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ සිය සංවිධානයද මේ සම්බන්ධයෙන් වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කළ බවයි.
“මෙවර රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ සඳහා තරග කිරීමේදී කිසියම් සීමාවක් පැණවිලා තියෙනවා. එම නිලධාරීන් වසරකට පෙර තමන් තරග කරන ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට මාරු වියයුතුයි කියන කාරණය ඉතාම සාධණීය කාරණයක් ලෙස අපි දකිනවා.” යනුවෙන් මෙහිදී සඳහන් කෙරුණා.
කෙසේවෙතත් අදාළ පනත පළමුවරට කි‍්‍රයාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා කි‍්‍රයාමාර්ග ගතයුතු බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOA

Shiran Viraj

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

නව අධ්‍යාපන ලේකම්වරියක් එයි..

Shiran Viraj
Translate »