mediahumanrights.lk
Business Business News News

තායිලන්තයේ 'රොජානා' මිල්ලනියට එයි

BOI සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ‘රොජානා‘ කර්මාන්ත උද්‍යාන සමඟ අතර අද (21) දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුමට අනුව රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම විසින් විශේෂිත කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට නියමිතය. මෙම කලාපයේ ඉදිකිරීම්, පවත්වාගෙන යාම සහ ආයෝජන ප්‍රවර්ධනය ‘රොජානා‘ සමාගම විසින් සිදුකරනු ලැබේ.
මෙම ගිවිසුම සඳහා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්තයේ රොජානා සමාගම වෙනුවෙන් එහ සභාපති ඩිරෙක් විනිච්බුටර් මහත්වරු අත්සන් තැබූහ.
2017 මාර්තු මස තායිලන්තයේ රොජානා සමාගමේ ඉංජිනේරුවන් සහ විශේෂඥයින් කණ්ඩායමක් පැමිණ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම කර්මාන්ත කලාපය පිහිටුවීම සඳහා මිල්ලනිය ප්‍රදේශයේ ඉඩමක් තෝරා ගෙන තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

Shiran Viraj

ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

Shiran Viraj

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

Shiran Viraj