28.7 C
Colombo
2026-10-28
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියක් එවයි

තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ දකුණු ඉන්දිය සුපිරි නළු රැජිනිකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර තිබේ.
යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වැනිදා මෙරට සංචාරයක නිරත වීමට රැජිනි කාන්ත්  තීරණය කර තිබේ.
කෙසේවෙතත් තමිල්නාඩු දේශපාලන පක්ෂවල බලපෑම් හේතුවෙන් සිය සංචාරය අවලංගු කිරීමට ඔහුට සිදුවිය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇති රැජිණි කාන්ත් ප්‍රකාශ කර ඇත්තේ සුදුසු කාලය පැමිණි විට මෙම හමුව සිදුවනු ඇති බවය.
ශ්‍රී  ලාංකික දෙමළ ජනතාව තමන්ට දක්වන ආදරයට ස්තූතිය පළ කරන බව පවසා ඇති රැජිණි කාන්ත් තමන් ඔවුන්ගේ යහපත නිරන්තරයෙන් අපේක්ෂා කරන බව ද සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Shiran Viraj

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj
Translate »