26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
LIFELIFE NEWSNews

ප්‍රතිකාර පමා වූවොත් ගැස්‌ට්‍රයිටීස්‌ භයානක විය හැකියි

බොහෝ දෙනෙක්‌ අද පීඩාවට පත්ව ඇති රෝගයක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය. මොකක්‌ද මේ රෝගී තත්ත්වය සහ එය ඇතිවීමට හේතු –
අයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –
මෙම රෝගයට ප්‍රධාන වන්නේ සිරුරේ ඇති අධික උෂ්ණාධික බවයි. උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙහි බලපෑමෙන් සිරුරේ ඇති කරවන උපද්‍රවයන් ගැස්‌ට්‍රයිටීස්‌ රෝග ලක්‍ෂණයක්‌ ලෙස හැඳින්විය හැකියි. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතාවන් නිසා ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන තත්ත්වයන්ට පත් නොවී ඒවා විෂක්‌ ලෙස රුධිරයට එක්‌වීම සිදුවේ. මෙය ආයුර්වේදයේ ආම තත්ත්වය ලෙස හඳුන්වන අතර මෙයද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වන හේතුවකි.
* ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය වැළඳුණු කෙනෙකුට මතුවන රෝග ලක්‍ෂණ මොනවාද?
* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –
ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, නිතර නිතර බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල හටගැනීම, පපුව හිරවීම වැනි ලක්‍ෂණ මතුවීම නිතර හිසේ කැක්‌කුම, ක්‌ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්‌කුම, ඇඟපත වේදනාව, අලස බව අධිකව කේන්ති යැම, සිරුරේ අප්‍රාණික බව, නිතර නිදිමත ඇතිවීම, නින්ද නොයැම, මළ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන අපහසුතා වැනි රෝග ලක්‍ෂණ මෙවැනි රෝගීන්ගේ නිතර දැකිය හැකි වෙනවා.
විදග්ධ වූ ආම රසය රක්‌ත ධාතුව හරහා සිරුරේ කුමන පද්ධතියකට ඉන්ද්‍රියකට, පටකයකට හෝ සෛලයකට රැගෙන ගියද එම ස්‌ථානයන්හි ස්‌වාධික ක්‍රියාවලිය අක්‍රමවත් වෙයි.
මේ නිසා මුලදී සුළු සුළු රෝගාබාධ පෙන්නුම් කරන අතර පසුව චිරකාලීන රෝගාබාධ පෙන්නුම් කිරීමට පත්වන්නේ ඉහත ක්‍රියාදාමය තුළින් එම පද්ධතිය හෝ අවයවයන් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමෙනි.
එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්‍රිත මුත්‍රා පද්ධතිය නම් වකුගඩු ආබාධ සහ මුත්‍රා රෝග ඇතිවිය හැකි අතර ශරීරයේ අධෝ මාර්ගය ඇසුරු කළේ නම් අක්‍රමවත් මළ පිටවීම මළ බද්ධය හෝ අර්ශස්‌ වැනි රෝග දක්‌වා වර්ධනය විය හැකියි.
අග්න්‍යාසය ආශ්‍රිතව නම් දියවැඩියාව ආශ්‍රිත ප්‍රභේද රෝගද හෘදය ඇසුරු කළ විට විවිධ හෘද රෝගද සම ඇසුරු කළේ නම් වාතරක්‌තය, පලු දැමීම, සමේ රෝගද ලෙස ඒ ඒ පද්ධතීන්ට ආවේනික රෝග ලක්‍ෂණ ඇතිවිය හැකියි.
* මෙම රෝග තත්ත්වයන් ඇති වූ පුද්ගලයන් පිළිපැදිය යුතු ආහාර රටාවක්‌ හා නොගත යුතු ආහාර ද්‍රව්‍ය තිබෙනවාද?
* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –
විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ සංකූලතා තුළින් මෙම රෝග තත්ත්වයන් වර්ධනය විය හැකි බැවින් උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම ඉතා අහිතකර වෙනවා. ඒ අනුව තක්‌කාලි, අන්නාසි, ඇඹුල් ආහාරවලින් වැළකීම ඉතා සුබයි. තවද තෙල් සහිත ආහාර මාංශ ආහාර වැඩිපුර ආහාරයට එක්‌ නොකර ගැනීමද හොඳයි. ඒ වගේම කෘත්‍රිම ආහාර වර්ග අද බහුල ලෙස ජනතාව ආහාරයට ගැනීමට පෙළඹී තිබෙනවා. ඒවාද මෙම රෝගීන්ට ඉතා අහිතකර විය හැකියි.
තවද නිතරම ආහාර ගැනීම සහ නියමිත ආහාර වේල් නොගෙන සිටීමද මේ තත්ත්වයට ප්‍රධානවම බලපානවා. ඒ අනුව අධික උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සෑම විටම වැළකී සිටීම මෙවැනි රෝගීන්ට ඉතා වැදගත් වෙනවා.
* ආයුර්වේදය සතුව මෙම රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?
* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –
පැහැදිළිව කිව හැක්‌කේ මේ රෝගය සුව කිරීම සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙන බවයි. ඒ සඳහා නිවැරදි ආයුර්වේද වෛද්‍යවරයෙක්‌ කරා යොමු වුණොත් ඔහු ඒ පිළිබඳව නිවැරදි රෝග පරීක්‍ෂාවකින් පසු නිවැරදි ප්‍රතිකාර ඇරඹූ විට ඉතා කෙටි කලකින්ම මේ රෝගය සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. අද ජනතාව ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස ආයුර්වේද ඖෂධ සකස්‌ කර ඇති නිසා ඉතා පහසුවෙන් ඕනෑම කාර්යබහුල අයෙකුට වුවත් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.
divaina.com

Related posts

ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වා

Shiran Viraj

ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටි

Shiran Viraj

තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

Shiran Viraj
Translate »