30.6 C
Colombo
2026-02-24
mediahumanrights.lk
LIFELIFE NEWSNews

දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද?

ප්‍රශ්නය – පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයි. කර්ණ රෝග ක්‍ෂේත්‍රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය වශයෙන් ඔබ අද අපට කියන්න, කර්ණ රෝග පිළිබඳ ආයුර්වේද මතය මොකක්‌ද කියලා.
ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ – කන කියන ඉන්ද්‍රියේ කොටස්‌ තුනක්‌ තිබෙනවා. එනම් බාහිර කන, මැද කන, ඇතුල් කන යන කොටස්‌. ආයුර්වේදයේ තිබෙනවා හතරවන කොටසකුත්. මේ කොටස තමයි කන පිටත කොටස හෙවත් කන් පෙත්ත සහ එය සමඟ සම්බන්ධ වන කොටස. ඒ අනුව කන් පෙත්ත ආශ්‍රිත රෝග හෙවත් කර්ණපාලි රෝග කියලා. ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි අප අනුගමනය කරන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද න්‍යාය සහ ක්‍රම. ඒ ආචාර්යවරයාගේ මතයට අනුව කර්ණ රෝග 28 ක්‌ තිබෙනවා. ඒවා කණේ පෙර කී තුන් කොටසේ හට ගන්නා රෝග. ඒවායින් වඩාත් සුලභ රෝග කිහිපයකුත් තිබෙනවා. එනම්,
1. කන්වලින් දියර ගැනීම. මෙය සැරව ලෙසත් සුදු පැහැති ද්‍රdවණයක්‌ ලෙසත් ගලනවා. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ පූතිකර්ණ කියලා.
2. ඊළඟ රෝග තත්ත්වය තමයි ඇසීමේ දුර්වලතා ඇති කරන රෝග. එනම් ශ්‍රවණාබාධ. එය හඳුන්වන්නේ කර්ණ බාධිර්යය කියලයි.
3. ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලා. සමහරු කියනවා නිතරම කන තුළින් හෝ හෝ ගාන ශබ්ද එනවා කියලා. තව සමහරු කියනවා බටනලාවක හඬක්‌ වගේ එක දිගට ශබ්දයක්‌ එනවා කියලා. මෙය ඉතාම ප්‍රචලිත රෝග තත්ත්වයක්‌. අප මෙය හඳුන්වන්නේ කර්න නාද කියලයි. මේ රෝගයේම තවත් ස්‌වරූපයක්‌ තිබෙනවා. ඒ ස්‌වරූපය හඳුන්වන්නේ කර්ණ ශ්වේඩ කියලයි. ඒ රෝග තත්ත්වය තුළදී රෝගියාට කන ඇතුලෙන් ඇහෙන්නේ එකම ශබ්දයක්‌ විතරයි. පළමුවැනි රෝග තත්ත්වය තුළදී හඬවල් රැසක්‌ ඇහෙනවා. දෙවන රෝග තත්ත්වයේදී ඇහෙන්නේ එකම හඬක්‌. ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන තුළදීම ශ්‍රවණ හීනතාවන් ඇති වෙන්න පුළුවන්. මේ අතර හටගන්නවා කන්වල වේදනාකාරී තත්ත්වයක්‌. මෙය කණ තුළ හට ගන්නත් පුළුවන්. ඒ වගේම කනට පරි බාහිර, කන සමඟ සම්බන්ධ කොටස්‌වල හටගන්නත් පුළුවන්.
සමහර විට උගුරේ ප්‍රශ්නයක්‌ මගින් කනේ වේදනාව හටගන්නවා. දතේ කැක්‌කුමක්‌ හට ගත්තොත් එය කන දක්‌වා පැතිර යන්න පුළුවන්. එය වේදනාව සංක්‍රමණය වීමක්‌. ඔලුව කැක්‌කුමක්‌ කනේ වේදනාවක්‌ හැටියට එන්න පුළුවන්.
ඊළඟ රෝග අවස්‌ථාව තමයි කන තුළ හට ගන්නා කළාඳුරු (කර්ණමල) හෙවත් ආං නිසා ඇතිවන වේදනාව. Ear Wax හඳුන්වන්නේ කර්ණ වර්ච කියන නමින්. කලාඳුරු පිරිලා තිබෙද්දී නෑවොත් ඒ කලාඳුරු ප්‍රසාරණය වෙනවා. එවිට හට ගන්නා පීඩනය නිසා කන රිදෙනවා. ආං කියන්නේ තෛලමය පදාර්ථ සමඟ මිශ්‍ර වූ දෙයක්‌. මෙය සමඟ වතුර මිශ්‍ර වුණාම එය ප්‍රසාරණය වෙනවා. දැන් කෙනෙක්‌ කියන්න පුළුවන් ස්‌නානය කළාම කන් කැක්‌කුම හෝ ඔලුවේ කැක්‌කුම ඇති වෙන බව. මෙහිදී සිදු වන්නේ එම තැනැත්තාගේ කනට වතුර ගිහින් ඇතුළත ප්‍රසාරණය වීමයි. එසේ කන රිදෙන විට ඔලුවත් රිදෙනවා.
(ලබන සතියේ කනේ හටගන්නා දිලීර)
divaina.com

Related posts

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

Shiran Viraj

ස්ථාවර නියෝග, නීති කඩනවා..කතානායක එක්ක වැඩ කරන්න බෑ..මං අස්වෙනවා- පාර්ලිමේන්තු මහ ලේකම්

Shiran Viraj
Translate »