mediahumanrights.lk
Local NewsNews

කොට්ටාවේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට බාර වෙයි

කොට්ටාව – හොරණ පාර ප‍්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ සැකකරු ජූලි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔහු හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා වෙත අද ඉදිරපත් කිරීමෙන් අනතුරුවයි.
හක්මන මීමැන්න බඩබැද්ද ප‍්‍රදේශයේ පදිංචි, විසිනව හැවිරිදි මෙම සැකකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලිස් ස්ථානය වෙත ඊයේ භාර වී තිබුණා.
පසුව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ඉකුත් 22 වනදා පස්වරුවේ තියුණු ආයුධයකින් පහර දී 26 හැවිරිදි අදාළ තරුණිය ඝාතනය කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Shiran Viraj

ඩෙංගුවලට පැපොල් යුෂ! සුව ඇමතිගෙන් කොළ එළියක්

Shiran Viraj

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

Shiran Viraj
Translate »