2026-02-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැ

වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මීට වඩා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
දිගින් දිගටම වෘත්තීය සමිති අරගල මතුවීම රටේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ පවතින විරෝධතා නිසා විදේශ ආයෝජකයින් මන්දගාමී වී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. මේ හේතුවෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇති බවද සඳහන් කළා.
ඉකුත් සමයේ ඇති වූ බොහෝ වෘත්තීය සමිති අරගල පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවයි ඔහු කියා සිටියේ.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ සූරියවැව ප‍්‍රදේශයේ ඊයේ (25) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
(under the courtesy of nethfm news web)

Related posts

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක

Shiran Viraj

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණි

Shiran Viraj
Translate »