mediahumanrights.lk
Local News News

සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

ගෑස් ඉන්ධන සහ විදුලිය අර්බුදය මත හා ජනතා විරෝධතාවයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමකට ලක්ව ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරන්නේ ජනතාවගේ පීඩනය සාධාරණ වුවත් සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලට කිසිසේත්ම බාධා නොකරන ලෙසයි.

දැනටමත් ඇති වී තිබෙන තත්ත්වයන් මත සංචාරකයන් පැමිණීම පහත වැටී ඇතැයි ද ඇය සඳහන් කළාය.

අද වන විට ඉන්ධන සහ ඖෂධ වර්ග ගෙන ඒම සඳහා යම් හෝ විදේශ ආදායමක් ලබන්නේ සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලින් පමණක් බවත් එනිසා එම අවස්ථාව අහිමි කර නොගන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

දැනට පැමිණෙන සීමිත සංචාරකයන් පිරිසද මෙරටට පැමිණ පැමිණියහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පවා රටට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඇය තව ද පැවසුවාය.

Related posts

වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට – අශාන් වීරසිංහ

Shiran Viraj

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

Shiran Viraj

කුඩා වාණිජ යාත්‍රා නියාමනයට පියවර

Shiran Viraj