mediahumanrights.lk
Local NewsNews

ඇඹිලිපිටියේ ලංගම බස් වර්ජනයක්

ඇඹිලිපිටිය ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි.
මෙම පහරදීම මුල් කර ගනිමින් ඇඹිලිපිටිය ලංගම බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද උදෑසන වැඩ වර්ජනයක නිරත වුණා. ඒකාබද්ධ කාලසටහන පිළිබද ඇති වූ ගැටළුවක් ඊට මුල් වූ බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ඇඹිලිපිටිය ඩිපෝවේ විධායක නිලධාරී රවීන්ද්‍ර රාමවික‍්‍රම පැවසුවේ.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර ගත්තේ නම් මෙවැනි පහරදීමක් සිදු නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
පහර කෑමට ලක් වූ රියදුරා මේ වනවිට ඇඹිලිපිටිය දිස්ති‍්‍රක් මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා. වර්ජනය හේතුවෙන් දෛනිකව ධාවනය වන ලංගම බස් රථ 65ක් අද දිනයේ ධාවනය නොවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

එයා කලාවට සම්බන්ධ නෑ පැහැසරා සමඟ එන පි‍්‍රයන්ත මන්සිළු

Shiran Viraj

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

Shiran Viraj
Translate »