2026-10-11
mediahumanrights.lk
NewsPoliticalSports

ආපදාවට පත් සිසුන්ට ද්‍රව්‍ය කට්ටලය දෙන්න සුදානම්

ආපදා තත්ත්වයෙන් පූර්ණ හානියට පත් පාසල් සිසුන් 50,000 ක් සඳහා රුපියල් 10,000 කට අධික වටිනාකමින් යුත් ද්‍රව්‍ය කට්ටලයක් සිකුරාදා(23) දිනයේ දී ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
හදිසි ආපදා සහ ගංවතුරින් හානි වු පුස්තකාල යළි ප්‍රතිසංවිධානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ  විපතට පත් පුස්තකාලාධිපතිවරුන්ට පොත් කට්ටල බෙදාදීමේ උත්සවයට අද(21) උදෑසන සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඒ අනුව එක් ළමයෙක් සඳහා නිළ ඇඳුම් 3 ක් මසා ගැනීමට අවශ්‍ය රෙදි, සපත්තු ලබා ගැනීමට වවුචර් පතක්, අභ්‍යාස පොත්, පෙළ පොත් හා අනෙක් සෙසු ද්‍රව්‍ය මෙම කට්ටලයට ඇතුළත් වෙයි.
මෙම ආධාර සඳහා ආණ්ඩු පක්ෂයේ සියලූම මන්ත්‍රීවරුන් මාසික වැටුප ලබා දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර ආපදාවට පත් වූ මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගයට පෙනී සිටීමට අමතර අවස්ථාවක් ලබාදීමට තිරණ කළ බවත් ඒ අනුව එම සිසුන්ට අවස්ථා 4 ක් විභාගයට පෙනී සිටිමට අවස්ථාව හිමිවෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
සටහන් පොත් විනාශ වු දරුවන් සඳහා එම සටහන් නැවත පිටපත් කර ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සම්පාදනය කර ඇති බව ද අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

Shiran Viraj

19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..

Shiran Viraj

පට්ටපල් බොරුවක් ගැන ඇමති චම්පික කියයි

Shiran Viraj
Translate »