mediahumanrights.lk
Local NewsNews

මවගේ ගෑස් ලොරිය පුතා හොරකම් කරයි…

ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී (04) සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ නිවසට ඇතුළුවි ඇති සැකකරු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවට අනාවරනය වෙයි.

මෙම ව්‍යාපාරික කාන්තාව නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී පරික්ෂණ ආරම්භ කල පොලීසිය විසින් ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයාවූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථ ඊයේ දින ය අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ ලොරි රථය නවතා ඇති අවස්ථාවක, නිවසේ කිසිවෙකු නොමැති බවට සැලවීමත් සමඟ පැමිණ ඇති වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු නිවසේ දොරගුළු බිඳ ගෑස් සිලින්ඩර තොගයක් ලොරි රථයට පටවා රැගෙන ගොස් ඇති බවට පරික්සණ වලින් අනාවරනය වෙයි.

කොල්ලකෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය සැකකරු විසින් ඔහුගේ නිවසේ සඟවා තිබී ඇති අතර, සැකකරු ගෑස් සිලින්ඩර වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සැලසුම් කොට තිබූ බවත් බවටද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

සැකකාර වැඩිමල් පුත්‍රයා මෙලෙස සිදුකොට ඇත්තේ මව විසින් සිදුකළ දේපළ බෙදාදීම සම්බන්ධයෙන් ඇතිවූ පුද්ගලික ආරවුලක් මත බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව , ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටත් නෙළුක්කුලම පොලිස් ස්ථානාධිපති සී.එම්.පි.ආර්.කේ දිවුල්වැව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමේ

Shiran Viraj

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Shiran Viraj
Translate »