mediahumanrights.lk
Local News News

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

ව්‍යාපාරිකයෙකු සතු රුපියල් දෙලක්ෂ අනූ නවදහසක මුදලක් කොල්ල කා පලාගිය බව පවසන කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් වන රූමත් තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙයට හවුල්වූ බව පවසන එම රාත්‍රී සමාජ ශාලාවේ තවත් නළඟනක් වන රූමත් තරුණියක් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මුදල් කොල්ලය සිදුකළ රූමත් තරුණිය කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි අයෙකු බවත් සොරකම් කළ මුදල් එම ක්‍රීඩාවට වැය කිරිම නිසා පරාජය වී ඇති බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මුදල් කොල්ලකෑමට ලක් වූ ව්‍යාපාරිකයා සින්නවන රන් භාණ්ඩ මුදල් දී බේරාගන්නා ව්‍යාපාරයක් කරගෙන යන වැලිගම ප්‍රදේශයේ අයෙකු බව සදහන්.
ඒ අනුව සමාජ ශාලාවේ  තරුණියන් දෙදෙනා රන් භාණ්ඩ බේරාගන්නා මුවාවෙන් ව්‍යාපාරිකයා කැඳවාගෙන තිබෙනවා.
පසුව එක්වරම තරුණියන් දෙදෙනා ව්‍යාපාරිකයා සතු මුදල් බෑගය රැගෙන ත්‍රිරෝද රථයක පලාගොස් ඇති බවයි  පැවසෙන්නේ.
මෙම මංකොල්ලය සිදුකල තරුණිය ව්‍යාපාරිකයා කලක් සිට දැන තිබෙන බවත් පසුව ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ල මත අදාළ තරුණිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.
(under the courtesy of hirunews news web)

Related posts

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

Shiran Viraj

පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලා

Shiran Viraj

මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…

Shiran Viraj