mediahumanrights.lk
Local NewsNews

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

ව්‍යාපාරිකයෙකු සතු රුපියල් දෙලක්ෂ අනූ නවදහසක මුදලක් කොල්ල කා පලාගිය බව පවසන කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් වන රූමත් තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙයට හවුල්වූ බව පවසන එම රාත්‍රී සමාජ ශාලාවේ තවත් නළඟනක් වන රූමත් තරුණියක් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මුදල් කොල්ලය සිදුකළ රූමත් තරුණිය කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි අයෙකු බවත් සොරකම් කළ මුදල් එම ක්‍රීඩාවට වැය කිරිම නිසා පරාජය වී ඇති බවත් ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
මුදල් කොල්ලකෑමට ලක් වූ ව්‍යාපාරිකයා සින්නවන රන් භාණ්ඩ මුදල් දී බේරාගන්නා ව්‍යාපාරයක් කරගෙන යන වැලිගම ප්‍රදේශයේ අයෙකු බව සදහන්.
ඒ අනුව සමාජ ශාලාවේ  තරුණියන් දෙදෙනා රන් භාණ්ඩ බේරාගන්නා මුවාවෙන් ව්‍යාපාරිකයා කැඳවාගෙන තිබෙනවා.
පසුව එක්වරම තරුණියන් දෙදෙනා ව්‍යාපාරිකයා සතු මුදල් බෑගය රැගෙන ත්‍රිරෝද රථයක පලාගොස් ඇති බවයි  පැවසෙන්නේ.
මෙම මංකොල්ලය සිදුකල තරුණිය ව්‍යාපාරිකයා කලක් සිට දැන තිබෙන බවත් පසුව ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ල මත අදාළ තරුණිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසනවා.
(under the courtesy of hirunews news web)

Related posts

11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..

Shiran Viraj

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj
Translate »