2026-07-03
mediahumanrights.lk
Local NewsNews

පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම්  සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු ඇඹීලිපිටිය, ලබුහේන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී ඔවුන් සතුව තිබූ බැකෝ යන්ත්‍රයක්, ගල් විදින යන්ත්‍රයක්, කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් ඇඹිලිපිටිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 26 ත් 38 අතර වයසේ පසුවන්නන් බව සඳහන්වේ.
ඔවුන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

Shiran Viraj

දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළු

Shiran Viraj

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

Shiran Viraj
Translate »