mediahumanrights.lk
Local News News

ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයි

කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් සිය සංගමය තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ති‍්‍රරෝද රථ සංගමය ලබන මස 10 වැනිදා සිට තී‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දැමීමට තීරණය කළ බව ඊයේ (17) ප‍්‍රකාශ කළා.
ඊට ප‍්‍රතිචාර දක්වමින් සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ මිල ගණනය කරන කමිටුවක අනුමැතියකින් තොරව තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ දැමිය නොහැකි බවයි.
තී‍්‍රරෝද රථ ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ඒකාබද්ධ ති‍්‍රරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියෙන්ද විමසීමක් කළා. එහි ලේකම් ලියනගේ රෝහණ පෙරේරා සඳහන් කළේ පදනමක් නැති තී‍්‍රරෝද රථ සංගමයක් විසින් මෙම ගාස්තු වැඩිවීම පිළිබදව මාධ්‍යයට කරුණු හෙළිකර ඇති බවයි.
සිය සංගමයද කිසි ලෙසකින් ති‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

Shiran Viraj

අප්‍රෙල් 04 වන විට ලංකාවේ කොරෝනා අධි වසංගත තත්වයක්.. රෝගීන් 2000 පැන්න පසු සෞඛ්‍ය පද්ධතිය බිද වැටෙයි.. බලා සිටීම හැර කරන්න දෙයක් නෑ..

Shiran Viraj

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Shiran Viraj