mediahumanrights.lk
Local NewsNews

ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්‍රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයි

කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් සිය සංගමය තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ති‍්‍රරෝද රථ සංගමය ලබන මස 10 වැනිදා සිට තී‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දැමීමට තීරණය කළ බව ඊයේ (17) ප‍්‍රකාශ කළා.
ඊට ප‍්‍රතිචාර දක්වමින් සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ මිල ගණනය කරන කමිටුවක අනුමැතියකින් තොරව තී‍්‍රරෝද රථ ගාස්තු ඉහළ දැමිය නොහැකි බවයි.
තී‍්‍රරෝද රථ ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ඒකාබද්ධ ති‍්‍රරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියෙන්ද විමසීමක් කළා. එහි ලේකම් ලියනගේ රෝහණ පෙරේරා සඳහන් කළේ පදනමක් නැති තී‍්‍රරෝද රථ සංගමයක් විසින් මෙම ගාස්තු වැඩිවීම පිළිබදව මාධ්‍යයට කරුණු හෙළිකර ඇති බවයි.
සිය සංගමයද කිසි ලෙසකින් ති‍්‍රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

Shiran Viraj

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj
Translate »