26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයි

උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ අභ්‍යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලය ඇතුළු කිනිගම ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් අවදානමකට ලක්ව තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ප‍්‍රදේශයේ බොහෝ නිවාස සහ ගොඩනැගිලි ඉරිතැලීම්වලට ලක්ව ඇති බවයි.
උමාඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ තවත් කිලෝමීටර් පහක පමණ ප‍්‍රමාණයක් ඉදිකළ යුතුව තිබෙනවා. එහෙත් අභ්‍යන්තර ජලවහනය ඊට බාධාවක් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඊයේ මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ඉදිකිරීම් භාර ඉරාන සමාගමට උපදෙස් ලබාදුන් බවයි
(under the courtesy of nethfm news web)

Related posts

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

Shiran Viraj

ආධාර සමුළුවට කැබිනට් අනුමැතිය

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj
Translate »