mediahumanrights.lk
International NewsNews

ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයි

ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්‍රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා.
මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත් වුණා. මේ කටකතාවේ උපත ගැන ෂාරුක් ඛාන් සිය ට්විටර් අඩවියේ සඳහන් කර තිබුණා.
ආනන්ද එල්. රායිගේ තවමත් නමක් යොදා නැති චිත්‍රපටියේ දර්ශන තලයකදී ගොඩනැගිල්ලක සිවිලිමෙන් කොටසක් කඩා වැටුණා. ඉන් දෙදෙනකුට තුවාල සිදු වුණත් ෂාරුක් ඛාන්ට සීරීමක්වත් වූයේ නැත. එහෙත් කතාව ප්‍රචාරය වී තිබුණේ ඔහු තවත් සත් දෙනකු සමඟ ගුවන් අනතුරකින් මියගිය බවයි. මුම්බායි පොලිසියට ඇමතුම් පිට ඇමතුම් එන්නට පටන් ගත්තේ මේ කටකතාව අන්තර්ජාලයේ දිස්වී විනාඩි ගණනාවක් ගත වෙන්නටත් පෙරයි. එහි ඇත්ත නැත්ත දැන ගන්නට ෂාරුක් ඛාන්ගේ කාර්ය මණ්ඩලයට දුරකතන ඇමතුමක් දෙන්නට මුම්බායි පොලිස් කොමසාරිස්වරයාට සිදුව තිබෙනවා. කාර්ය මණ්ඩලය සිටියේ ද දවස පුරාම දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙමින්.
ෂාරුක් ඛාන් මැරුණා කියලා කටකතා පැතිරුණ පළවෙනි වතාව මේක නෙමෙයි… මේ සැරේ ඒක ටිකක් තදේට පැතිරුණා.ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයකු පවසා තිබෙනවා.

(under the courtesy of adaderana news web)

Related posts

එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණු

Shiran Viraj

එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකක

Shiran Viraj

අගමැති ලේකම් සමන් ඒකනායක…

Shiran Viraj
Translate »