2026-08-19
mediahumanrights.lk
Local NewsNews

ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ – විදෙස් කටයුතු අමාත්‍යාංශය කියයි

බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන් ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙලෙස ගිනි ගැනීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් අලූයම එකට පමණ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මහල් නිවාස සංකීර්ණය තුළ පුද්ගලයන් කිහිප දෙනෙක් මියගොස් ඇති බව ගින්න මැඩපැවැත්වීමට එක්ව සිටින ගිනි නිවන භටයන් ප්‍රකාශ කර තිබෙනවා.
එහි ඉහළ මහල්වල සිටි කිහිප දෙනෙකු එලෙස මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
තුවාල ලැබු තිස් දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ගොඩනැගිල්ලේ ඉහළ කොටසේ ගින්න තවමත් පාලනය කර නොමැති බැවින් ඒ පිළිබද නිශ්චිත වාර්තා නොමැති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.
ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන රථ 40 ක් සහ ගිනි නිවන භටයන් දෙසියයක් යෙදවු බව ලන්ඩනයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.
මහල් 27 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ නිවාස 120 ක් පමණ පිහිටා තිබුණා.
ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබෙනවා.
මේ අතර මෙම ගින්නෙන් එරට වෙසෙන ශ්‍රී  ලාංකිකයන්ට හානි සිදුවූ බවට  තොරතුරු වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
ඒ පිළිබද තවදුරටත් සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj
Translate »