31.1 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

නිවසකට හොරෙන් ගිය 2ක් අත්අඩංගුවට

දික්වැල්ල  ප්‍රදේශයේ නිවෙසකට සොරෙන් ඇතුළු වී මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දික්වැල්ල පොලීසයට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් සහ 43 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත.
ඔවුන් විසින් රුපියල් දෙලක්ෂ 31,000ක් වටිනා රණ් භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති අතර සොරාගන්නා ලද රණ් භාණ්ඩවලින් කොටසක් සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාර තරුණිය සහ අනෙක් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි

Shiran Viraj

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

Shiran Viraj
Translate »