30 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම හේතුවෙන් ඊයේ (21) රාත්‍රියේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත්සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.

කුරුදුමලේ පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින අතරතුරදී ඊයේ (21) දින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, හිටපු මන්ත්‍රී එස් සිවමෝහන්, හිටපු පලාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ආර්. මයුරණ් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් විහාර භූමියට ඇතුලු වී විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූවන් පුරාවිද්‍යා කැනීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු වලට එරෙහිව දැඩි විරෝධයක් පා සිටි අතර පසුව පුරාවිද්‍ය නිලධාරීන් විසින් ඒ පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම්දෙන ලදි.

අනතුරුව මුලතිව් පොලීසිය පුරාවිද්‍ය භූමියට පැමිණි අවස්ථාවේදී හිටපු පලාත් සභාමන්ත්‍රී ටී.රවිහරන් සහ ආර්. මයුරන් යන අය විසින් කලහකාරී ලෙස හැසිරෙමින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා සිදුකිරීම හේතුවෙන් නොසන්සුන් තත්වයක් ඇති විය.

පසුව මුලතිව් පොලීසිය විසින් නොසන්සුන් තත්වය පාලනය කොට රාජකාරී කටයුතු වලට බාධා සිදුකිරීම හේතුවෙන් හිටපු පලාත් සභාමන්ත්‍රී ටී.රවිහරන් සහ ආර්. මයුරන් යන අය අත්අඩංගුවට ගත් අතර අද (22) දින එම පිරිස් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ අතර පසුගිය ජුලි 14 වනදාද මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ච්‍යෛ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම නවතා ප්‍රතිසංස්කරණය කල සියල්ල ඉවත් කිරීමට මුලතිව් අධිකරණයෙන් ලබාදුන් තීන්දුව පසුව ජූලි 20 වනදා මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් විහාරයේ කැනීම් සහ භූමිය පරික්ෂා කිරීමෙන් අනතුරුව මුලින් දුන් නියෝගය අවලංගු කොට නැවත චෛත්‍යෙය් ප්‍රතිසංස්කරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට නියෝගය ලබාදීමද විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් විවිධ වූ දේශපාලන වාසි වෙනුවෙන් සාමාන්‍ය ජනතාව රවටා ඇතැම් පුද්ගලයින් සහ සංවිධාන මගින් ජනතාව භේදබින්න කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බැවින් ඒ දෙය අවධානයෙන් විනිවිදබාවයෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කුරුදුමලේ විහාරස්ථානයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනාක් පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් වැඩිදුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්

Shiran Viraj

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Shiran Viraj

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Shiran Viraj
Translate »