mediahumanrights.lk
Local News News

තැපැල් වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එහි කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි.
තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියේය.
තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්

Shiran Viraj

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

Shiran Viraj

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

Shiran Viraj