26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

නායයෑමෙන් හා ජල ගැල්මෙන් විපතට පත් ජනතාවගේ ජීවිත යතා තත්වයට පත් වන තුරු අඛණ්ඩව සහන සේවා සළසන ලෙස ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඉල්ලීමක් කරයි.
එම මහා නාහිමිවරුන්ගේ අත්සන් වලින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකින් පෙන්වාදෙන්නේ, මෙම ස්වභාවික ව්‍යසනය නිසා රටට අහිමි වූයේ රටට වැඩදායී අහිංසක මිනිසුන් බවයි.
මල්වතු මහාවිහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක අති ජූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන, අමරපුර මහා නිකායේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි හිමිගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඇති වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත මෙන්ම දේපළ අහිමිවීමෙන් පීඩාවට පත් සියලු දෙනා කෙරෙහි උන්වහන්සේ සිය සංවේගය පළ කර සිටියි.
විපතට පත්වූවන්ගේ ජීවිත යළි යථා තත්වයට පත් කරගැනීමට කළ යුතු සහ කළ හැකි සහන සේවා සත්කාර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගත යුතු බව මහනාහිමිවරුන් පෙන්වා දෙයි.
විශේෂයෙන් පොසොන් පොහාය මුල්කොට විහාරස්ථාන මගින් සිදුකරන අතිරේක සැරසිලි සහ උත්සව වලට වැය වන මුදලින් කොටසක් මෙම පීඩාවට පත් ජනතාව සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගැනීම වඩාත් සුදුසු බව මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ශිෂ්‍යාත්වය අහෝසියි.. O/L 10 ශ්‍රෙණියේදී.. A/L 12 ශ්‍රේණියේදී.. අසමතුන් නෑ.. සියළුම සිසුන්ට උපාධි..

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..

Shiran Viraj

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj
Translate »