mediahumanrights.lk
Local NewsNews

විපතට පත්වූවන් ගැන ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් – Video

නාය යාමෙන් හා ජල ගැල්මෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු අඛණ්ඩව සහන සේවා සලසන්නැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ඉල්ලා සිටිනවා.
ඒ, මහ නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින්.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඤානරතන හිමියන්, අමරපුර මහා නිකායේ මහ නායක කොටුගොඩ ශ්‍රී ධම්මාවාස හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අති පුජ්‍ය නාපානේ ශ්‍රි පේමසිරි හිමියන්ගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඇති වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත මෙන්ම දේපල අහිමි වීමෙන් පීඩාවට පත් සියලු දෙනා කෙරෙහි උන්වහන්සේ තම සංවේගය පළ කර සිටිනවා.
ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේවිපතට පත් වූවන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය සහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කටයුත්තක්  බවයි.
පොසොන් පොහොය මුල්කරගෙන සිදුකරන අතිරේක සැරසිලි සහ උත්සවවලට වැය වන මුදලින් කොටසක් හෝ සහන සේවා කටයුතු සදහා පරිත්‍යාග කිරීම සුදුසු බවද උන්වහන්සේ  මෙම ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දෙනවා.

Related posts

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Shiran Viraj

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

විවාහය බිඳුණු පසු 'උමාලි සහ සාරංග යළිත් හමුවූ මොහොතේ' උමාලි දුන්න පිළිතුර මෙන්න (VIDEO)

Shiran Viraj
Translate »