28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNews

රාත්‍රියට වාහන වල බැටරි සොරකම ජයටම…

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන බල ප්‍රදේශ කිහිපයකම රාත්‍රි කාලයේ ගාල් කර තිබෙන වාහන වල බැටරි සොරකම් කිරිමේ ජාවාරමක් සිදු කරගෙන යන බව බැටරි සොරකමට ලක් වු වාහන වල අයිතිකරුවන් සහ රියදුරන් කියා සිටියි.

හැටන්, බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , වටවල සහ ගිනිගත්හේන යන පොලිස් බල ප්‍රදේශවල රාත්‍රි කාලයේ නිවාස ඉදිරිපිට , ප්‍රධාන මාර්ග අභියස ගාල් කර තැබෙන පෞද්ගලික බස් රථ , වෑන් රථ , ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් මෙසේ වාහනයේ බැටරි ගලවාගෙන ගොස් ඇති බවට එම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ලැබි ඇත.

කිසියම් ජාවාරම්කරුවන් පිරිසක් වාහන වලින් පැමිණ ඉතා සුක්ෂම ලෙස එම වාහන වල සවි කර තිබෙන වොල්ට් 24 සහ වොල්ට් 12 බැටරි ගලවා සොරාගෙන යන බවත්, එසේ රැගෙන යන බැටරි වල මිල ඉතා අධික බවයි බැටරි සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත කර ඇති පැමිණිලි කර ඇති වාහන අයිතිකරුවන් කියා සිටින්නේ.

උදැසන තම වාහනය පණ ගැන්විමට යාමේදි වාහනයට විදුලිය නොලැබිම නිසා එය පිලිබදව සොයා බැලිමේදි වාහනයේ සවි කර තිබු බැටරි අස්ථාන ගත විම නිසා තමන් පවතින ආර්ථික තත්ත්වයත් සමග තමන් ගැටළු රැසකට මැදිහත් වි සිටින බවයි වාහන හිමියන් කියා සිටින්නේ.

මෙම බැටරි සොරකම සම්බන්ධයෙන් අප හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ වාහන බැටරි සොරකම් කිරිම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ලැබි ඇති බවත්, එම බැටරි සොරකම් කරන පිරිස නිතියේ රැහැනට කොටු කර ගැනිම සදහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

ජෝන් – රන්ජන් ගැටෙයි – රන්ජන්ට පරීක්ෂණයක් ?

Shiran Viraj

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

Shiran Viraj
Translate »