මෙරටට බලපෑ කාලගුණ ආපදාව සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කරයි.
මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ, නොවැම්බර් 12 වැනිදා සිට 26 වැනිදා දක්වා දවස් 14ක් තිස්සේ මෙම ආපදාව පිළිබඳ තොරතුරු විපක්ෂය විසින් සඟවාගෙන සිටි බවට චෝදනා කළේය.
- නිහඬව සිටියේ ඇයි?: එනිසා, මෙවන් සාහසික විනාශයක් වන තුරු විපක්ෂය සියල්ල දැනගෙන නිහඬව සිටි බවට උපකල්පනය කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය.
විපක්ෂයේ වගකීම
ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටින්නේ මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ නියෝජිතයන් බැවින්, ජනතාව මෙවන් විපතකින් බේරා ගැනීමේ වගකීමක් විපක්ෂයට ද ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“ආණ්ඩුවක් ලෙස එවන් කාලගුණ විපතක් ගැන තොරතුරු ලැබී නැති බවත්, විපක්ෂයට එවන් තොරතුරු තිබුණේ නම් එය වහාම ජනතාවට හෙළි කළ යුතුව තිබූ බවත්” ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

