29.6 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

මෙරටට බලපෑ කාලගුණ ආපදාව සම්බන්ධයෙන් නඩු පැවරිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කරයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ, නොවැම්බර් 12 වැනිදා සිට 26 වැනිදා දක්වා දවස් 14ක් තිස්සේ මෙම ආපදාව පිළිබඳ තොරතුරු විපක්ෂය විසින් සඟවාගෙන සිටි බවට චෝදනා කළේය.

  • නිහඬව සිටියේ ඇයි?: එනිසා, මෙවන් සාහසික විනාශයක් වන තුරු විපක්ෂය සියල්ල දැනගෙන නිහඬව සිටි බවට උපකල්පනය කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය.

විපක්ෂයේ වගකීම

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද සිටින්නේ මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ නියෝජිතයන් බැවින්, ජනතාව මෙවන් විපතකින් බේරා ගැනීමේ වගකීමක් විපක්ෂයට ද ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“ආණ්ඩුවක් ලෙස එවන් කාලගුණ විපතක් ගැන තොරතුරු ලැබී නැති බවත්, විපක්ෂයට එවන් තොරතුරු තිබුණේ නම් එය වහාම ජනතාවට හෙළි කළ යුතුව තිබූ බවත්” ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කලපුවට වැටුණු ගැබිණි කාන්තාව ඇතුළු සිව්දෙනෙකුගේ දිවි බේරාගත් තරුණයා මුල්වරට හෙළිකළ දේ

Shiran Viraj

මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…

Shiran Viraj

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Shiran Viraj
Translate »