2025-12-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර

සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව නිශ්චිත පුරෝකථන පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය:

ආපදා කළමනාකරණයේ ක්‍රියාමාර්ග

  • දිස්ත්‍රික් 24ට බලපෑම: “මේ ව්‍යසනයෙන් දිස්ත්‍රික්ක 24කට දැවැන්ත විනාශයක් සිදුවුණා. මේ සුළි කුණාටුව ස්වාභාවික ආපදාවක් වුවත්, දැවැන්ත ආපදාවක්. ඒ ආපදාව පිළිබඳ තොරතුරු ලැබුණු සැණින් එය කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියා.”
  • කොළඹ ආපදා කමිටු: කොළඹ දිස්ත්‍රික්කය වැනි නිතර ගංවතුරින් ආපදාවට ලක් වූ ප්‍රදේශ සඳහා කල් ඇතිවම ආපදා කමිටු නිර්මාණය කර තිබූ බවත්, දැනුවත් වූ සැණින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ ආපදා කමිටු රැස් කර දැනුවත් කළ බවත් ඔහු පැවසීය.
  • උපරිම සැලසුම්: “2016ට වඩා වැඩි ගංවතුරක් නිසා සැලසුම් කළා. මිනිස්සු රැස් කළා. ඒ සඳහා මැදිහත් වුනා.”

ස්වභාවික විපතක්, දේශපාලන ප්‍රශ්නයක් නොවේ

නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් තත්ත්වය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ස්වභාවික විපතක් බවයි.

“මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව, ස්වභාවික විපතක්. මේ ස්වභාවික විපත ඇතුළෙ අපට දැන් තිබෙන්නෙ නැගිටීම තමයි. ඒ නැගිටීම ඇතුළෙ යම් විනාශකාරී සිහින දකින පිරිසකට තමන්ගේ සිහින වල ඉන්න පුළුවන්.”

ජනතා හැකියාව මත නැගී සිටීම

සුනාමි ආපදාවෙන් පසු රටට නැගිටීමට තිබූ අවස්ථාව එවක පාලකයන් විනාශ කළ බව පැවසූ ඔහු, මෙවර ඒ තත්ත්වය මගහැරීමට සූදානම් නැති බව කීය.

  • විශ්වාසය: “අපි හිතන විදියට අපිට රටක් ලෙස නැගිටිය හැකියි. අපිට ඒ හැකියාව තිබෙනවා. පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හැකියාවක් නොව සමස්ත ජනතාවගේ හැකියාවක්. අපි ජනතාවගේ හැකියාවන් විශ්වාස කරනවා.”
  • අයවැයෙන් සහන: අයවැය මගින් සහන ප්‍රමාණයක් ලබා දීමටත්, ආපදාවෙන් පීඩාවට පත් ජනතාව ගොඩනැංවීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් යන බවත් ඔහු සඳහන් කළේය.
  • සාර්ථකත්වය පෙන්වන්නේ මාස කිහිපයකින්: “අපි ෆේල් ද පාස් ද කියන කාරණය බලන්න පුළුවන් වෙන්නේ දැන් නොව, තව මාස කීපයකිනුයි. තව මාස කීපයකින් බලාගත හැකියි මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි කොහොමද රට ගොඩ නගන්නේ කියන එක.”

Related posts

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

නවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේ

Shiran Viraj

ලංකාවේ යොවුන් යුවළවල් සුවෙන් සැතපෙද්දී, අරාබිය තෘප්තිමත් වෙන හැටි මෙන්න…!

Shiran Viraj
Translate »