28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලා

උපකාරක පංති යන මුවාවෙන් කැලෑවැද සිටි  පෙම් යුවලක් බියවද්දා පෙම්වතාට පහරදී  පෙම්වතිය සමුහ දුෂණය කළ  පුවතක් මහියංගනයෙන් වාර්ථා වේ.
පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17ක තරුණියක් මෙම අවාසනාවන්ත සිද්ධියට මූණ පා ඇත.
තරුණිය සති අන්ත පන්ති යන මුවාවෙන්  පැමිණ සිය පෙම්වතා සමග මහියංගන ඔරුබැදිවැව, දියබානා වැව ප්‍රදේශයේ වන ලැහැබක පෙම් සුව විදිමින් සිටියදී ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකු පැමිණ පෙම් යුවලට බලපෑම් කර බියවද්දා පෙම්වතාට පහරදී ඇත.
පසුව තරුණිය බලහත්කාරයෙන් කැළය මැදට රැගෙන ගොස් බරපතල අපයෝජනය කර සමුහ දුෂණයට ලක්කර ඇත.
තරුණිය සමුහ දුෂණයට ලක්වීමෙන් අනතුරුව ඇයගේ නිවසට ගොස් සිද්ධිය පිළිබද මාපියන් දැනුවත් කිරිමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සදහා පදියතලා රෝහලටද, ඉන්අනතුරුව වැඩිදුර පරික්ෂණ සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
එහිදී මහියංගන පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් විමර්ෂන කටයුතු ඇරැඹීය.
පෙම් යුවල සිද්ධිය සිදු වු ස්ථානය හැර දුෂණය කළ පිරිස  නොහඳුනන පසු බිමක, පරික්ෂණ කටයුතු ආරම්භ කළ මහියංගන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින් පැය 12ක් යෑමට පෙර ස්ත්‍රි දුෂකයන් කොටු කර ගැනිමට සමත් විය.
ඒ අනුව පොලිසය  තරුණයන් පස් දෙනකු  අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් වුවන් වයස අවුරුදු 17,18,20,22,25 යන වයස් කාණ්ඩ වල පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංන දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවා

Shiran Viraj

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Shiran Viraj
Translate »