31.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත් මහතා සඳහන් කරයි.

ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වන්දි වැඩිවීම

  • මරණ සඳහා: කලින් ආපදා මරණයක් සඳහා ලබා දුන්නේ රුපියල් ලක්ෂ දෙකක් වුවත්, දැන් එම වන්දි මුදල රුපියල් ලක්ෂ දහයක් (රු. 1,000,000) දක්වා වැඩි කර ඇත.
  • නිවාස සඳහා: නිවාස වන්දිද රුපියල් ලක්ෂ පනහක් හෝ ලක්ෂ සියයක් දක්වා (රු. 10,000,000) ඉහළ දමා ඇති බව ඒ මහතා පැවසීය.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම කාලගුණ ආපදාවෙන් පසු ඉතාම කෙටි කාලයකින් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් තම රජය සතු බවයි.

Related posts

ජනවාරි මාසයට වඩා පෙබරවාරි මාසයේ බිල 10% අඩු වුණොත් විදුලි බල මණ්ඩළයෙන් ගජ වාසියක්!

Shiran Viraj

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Shiran Viraj

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

Shiran Viraj
Translate »