2026-01-22
mediahumanrights.lk
Local NewsNews

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj

ලංකාවේ සියලුම පාසැල් දූ පුතුන්ට දැන් නොමිලේ රක්ෂණයක් හිමියි – ලැබෙන ප්‍රතිලාභ සියල්ල මෙතැනින් දැන ගන්න

Shiran Viraj

දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

Shiran Viraj
Translate »