26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රීඩාංගණයේ නවතා තිබෙනවා.
ඊට හේතුව කුමක්දැයි කළ සොයා බැලීමකදී හෙළි වුණේ හෙලිකොප්ටර් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
හෙලිකොප්ටර් යානය සඳහා විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇති බව සඳහන් කළා.
මේ අතර ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා හැටන් ඩන්බාර් ක‍්‍රීඩාංගණයට ගොඩබැස්සවීමේදී තාප්පයක් කඩා වැටීමෙන් නිවාස කිහිපයක සිදුවූ අලාභය ගෙවීමට ද ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.
තාප්පය කඩා වැටීමෙන් නිවාස පහකට අලාභ හානි සිදු වූ අතර කාන්තාවක් තුවාල ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Shiran Viraj

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතට

Shiran Viraj

වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාර

Shiran Viraj
Translate »