mediahumanrights.lk
Local NewsNewsPolitical

මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රීඩාංගණයේ නවතා තිබෙනවා.
ඊට හේතුව කුමක්දැයි කළ සොයා බැලීමකදී හෙළි වුණේ හෙලිකොප්ටර් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
හෙලිකොප්ටර් යානය සඳහා විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇති බව සඳහන් කළා.
මේ අතර ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා හැටන් ඩන්බාර් ක‍්‍රීඩාංගණයට ගොඩබැස්සවීමේදී තාප්පයක් කඩා වැටීමෙන් නිවාස කිහිපයක සිදුවූ අලාභය ගෙවීමට ද ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.
තාප්පය කඩා වැටීමෙන් නිවාස පහකට අලාභ හානි සිදු වූ අතර කාන්තාවක් තුවාල ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

Shiran Viraj

වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑ

Shiran Viraj

"ජනමත විචාරණයක් නැතිව 20 බෑ"- ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

Shiran Viraj
Translate »