2026-02-12
mediahumanrights.lk
Local NewsNews

පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි.

ඒ අනුව මෙම රාජකාරි සඳහා වාතා කිරීමට සවස 0530 පමණ වන විට මෙම පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ T56 ගිනි අවියක් හා පතරොම් 30 ක් ස්ථානයෙන් ලබාගෙන රාජකාරි ස්ථානය වෙත පිටව යන බව ප්‍රකාශ කරමින් පිටව ගොස් ඇත.

එසේ වුවද නිලධාරියා අදාල මාර්ග බාධකයේ රාජකාරි සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් සිදුකල සොයා බැලීමේදී නිලධාරියා තම ජංගම දුරකථනයට ප්‍රතිචාර දක්වා නැත.

ඉන් අනතුරුව සිදුකල වැඩිදුර විර්මශනයේදී මෙම නිලධාරියා 2025.02.08 වන දින රාත්‍රී 1015 ට පමණ ඩුබායි රාජ්‍ය වෙත ගුවන් මගින් පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු වයස අවුරුදු 25 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව මොහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අන්තජාතික පොලිසිය හරහා අවශ්‍ය කරන කටයුතු සිදුකරමින් පවතින අතර මොහු විසින් පොලිස් ස්ථානයෙන් නීති විරෝධිව බැහැර කරන ලද T56 ගිනි අවිය සහ පතරොම් 30 නැවත පොලිස් භාරයට ගැනීම සඳහා මේ වන විට විර්මශන කණ්ඩායම් 04 ක් විසින් විර්මශන සිදු කරමින් පවති.

Related posts

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

Shiran Viraj

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj

‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..

Shiran Viraj
Translate »