mediahumanrights.lk
Local NewsNews

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..

උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක පමණ පස් කදු සහ විශාල ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට දින කිහිපයක් ගත වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පැවසිය.

ඉගුරුඔය, ගලබොඩ , වටවල , හැටන් ,තලවකැලේ , ග්‍රේට් වෙස්ටර්න් සහ නානුඔය යන දුම්රිය ස්ථාන අතර මෙසේ පස් කදු සහ විශාල ගල් දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

වටවල දුම්රිය ස්ථානයට ආසන්නයේ 100/ ¼ සැතපුම් කණුව අතර දුම්රිය මාර්ගයට පෙරලි ඇති විශාල ගල පුපුරවා ඉවත් කිරිමට සිදු වන බවත්, ඒ අසලම දුම්රිය මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම ගස් ද කපා ඉවත් කිරිමට සිදු වන බවයි එම ස්ථානයේ දුම්රිය මාර්ගය නඩත්තු කරමින් සිටි සේවකයින් කියා සිටියේ.

මේ අතර බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයේ ගාල් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

Shiran Viraj

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා

Shiran Viraj

නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයි

Shiran Viraj
Translate »